ඔක්තෝබර් පළමුවැනිදා සිට අදියර කිහිපයක් යටතේ වාහන ආනයනය සිදුකිරීමට අනුමැතිය ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ අදියර කිහිපයක් යටතේ සිදුකෙරෙන වාහන ආනයනය ඔක්තෝබර් 01 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත බවයි.

ඒ අනුව පොදු ප්‍රවාහන සේවා සඳහා භාවිත කරන වාහන පළමුවෙන් ආනයනය කිරීමට අවසර හිමිවනු ඇති.

වානිජ සහ භාණ්ඩ ප්‍රවාහන වාහන ආනයනය කිරීමට තීරණය කර ඇත්තේ මෙම වසරේ දෙසැම්බර් පළමුවැනිදා සිටයි.

ඊට අමතරව මෝටර් රථ එළඹෙන වසරේ පෙබරවාරි පළමුවැනිදා සිට ආනයනය කිරීමට නියමිතව තිබෙනවා.

කොරෝනා වෛරසයේ බලපෑම් හේතුවෙන් ආර්ථිකයේ ඇතිවූ අර්බුද සමග 2021 වසරේ දී වාහන ආනයනය අත්හිටුවීමට රජය තීරණය කර තිබුණා.

WhatsApp Group

Skip to content