මන්නාරම සහ පුනරීන් සුළං විදුලි බලාගාර සංවර්ධනය කිරීම සදහා වන අවබෝධතා ගිවිසුම අනුව යෝජිත ව්‍යාපෘති යටතේ නිෂ්පාදනය කරන විදුලිය සදහා කිලෝවොට් පැයකට අමෙරිකානු ඩොලර් ශත 8.26 ක් අවසන් ගාස්තුව වශයෙන් පිළිගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අනුව වසර 20 ක කාලයක් සදහා අදාළ මිලගණන් යටතේ “අදානි ග්‍රීන් එනර්ජී” පුද්ගලික සමාගම විසින් විදුලිය මිලදී ගැනීම සදහා වන ටෙන්ඩරය පිළිගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content