නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම අද පස්වරු 1 න් පමණ පසුව දිවයිනේ සෙසු ප්‍රදේශවලට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සදහන්.

මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

මේ අතර නිල්වලා ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට මේ වන විට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර මහතා කියා සිටියේ නිල්වලා ගංගා ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පස්ගොඩ, පිටබැද්දර, කොටගොඩ, අකුරැස්ස, මාලිම්බඩ, අතුරලිය, තිහගොඩ, මාතර සහ දෙවිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි.

https://www.vnews.lk/storage/2023/12/SUGEESHWARA-EDIT.mp3?_=1

මේ අතර නායයෑමේ අවදානමක් හේතුවෙන් හල්දුම්මුල්ල – කැළිපනාවෙල ප්‍රදේශයේ තවත් පවුල් 41 ක් ආරක්ෂිත ස්ථානවලට යොමු කර තිබෙනවා.

මීට පෙර ද පවුල් 31 ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණේ නායයෑමේ ලක්ෂණ මතුවීමත් සමඟ බවයි සඳහන් වන්නේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඒ අනුව මේ වනවිට පුද්ගලයින් 279 දෙනෙකු කැළිපනාවෙල ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බවයි.

WhatsApp Group

Skip to content