දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ සිදුවු පුද්ගල මරණ සංඛ්‍යාව 06ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ අයහපත් කාලගුණය හමුවේ දිස්ත්‍රික්ක 18කට බලපෑම් එල්ල වී ඇති බවයි.
ඒ අනුව පවුල් 8944කට අයත් පුද්ගලයින් 33960ක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.
මේ අතර අද දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්ම වුද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
ඊයේ දිනය නිමාවන විට වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී තිබුණේ නුවරඑළිය සහ වටවල ප්‍රදේශවලටයි.
මේ අතර දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළා.

WhatsApp Group

Skip to content