පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.

අද දිනයේ විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

ඒ අනුව, ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 4,979 සිට රුපියල් බිලියන 13,979 දක්වා වැඩි කිරීමට මෙම පනත් කෙටුම්පත මගින් යෝජනා කර තිබෙනවා.

එමෙන්ම, පසුගිය ජූලි 21 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කළ පරිදි ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සහ ධීවර හා ජලජ සම්පත් පනත යටතේ වන නියෝග පිළිබඳ විවාදය ද අද දිනයේදී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

මේ අතර ජල බිලට සහනයක් ලබා නොදුනහොත් වතු නිවාසවල ජනතාව සමඟ අනිවාර්යයෙන්ම පාරට බසින බව සමගි ජන බලවේගයේ පාර්ලිම්නේතු මන්ත්‍රී එස් .එම්. මරික්කාර් මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කලේ පාර්ලිමේන්තු විවාදයට ඊයේ පස්වරුවේ එක්වෙමින් .

 

https://www.vnews.lk/storage/2023/08/MARIKKAR-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content