පළාත් කිහිපයකට අද දිනයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ බස්නාහිර සහ සබරගමුව පළාත්වල ට සහ ගාල්ල, මාතර, පුත්තලම ,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටයි.

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

තවද ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය බවයි පවසන්නේ.

මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීම සැප්තැම්බර් මස 06 දක්වා ,ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට ඉහලින් සූර්යයා සෘජුවම පවතින බැවින් අද දින දහවල් 12:10 ට වවුනියාව, වන්නමෝඩෙයි, අනල්කඩ්ඩි මඩි සහ පෙරිය පණ්ඩි රිච්චාන් ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල නිවේදනයේ සදහන්.

WhatsApp Group

Skip to content