දිවයිනේ බොහෝ පළාත්වල  අද  පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  පවසනවා.

ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද සඳහන්.

මේ අතර ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා. මේ ඒ පිළිබදව වැඩි දුරටත් අදහස් පළකල කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ ඇතුළ කරුණානායක මහතා .

https://www.vnews.lk/storage/2023/11/ATHULA-EDIT-.mp3?_=1

මේ අතර ඉදිරි පැය කිහිපය තුළ දැදුරුඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා සඳහන් කළේ, වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව හා රස්නායකපුර ප්‍රදේශ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි.

මේ ඒ පිළිබදව වැඩි දුරටත් අදහස් පළකල  වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස් .පී .සි .සුගීශ්වර මහතා .

https://www.vnews.lk/storage/2023/11/SUGEESWARA-EDIT-.mp3?_=2

මේ අතර පවතින වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 05ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත්කළ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර  තිබෙනවා .

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේ, මේ පිළිබඳ ජනතාව අවදානයෙන් කටයුතු කළ යුතු බවයි.

WhatsApp Group

Skip to content