දිවයිනේ බොහෝ පළාත්වල අද පස්වරු 1 න්  පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද එම නිවේදනයේ සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මහ ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනතුරු අඟවා තිබෙනවා.

දැදුරුඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 සදහා දීර්ඝ කර ඇති බවයි එම දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට ප්‍රදේශ රැසකට නායයාමේ පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

 

ඒ අතරින් කෑගල්ල, ගලිගමුව සහ අරණායක ප්‍රදේශ සදහා නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content