අද උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 04ක් අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා

ඒ, අනුව ප්‍රධාන මාර්ගයේ ගමන් වාර 02ක් මෙලෙස අවලංගු වී ඇති අතර, කැළණිවැලි සහ පුත්තලම මාර්ගවල එක ගමන් වාරය බැඟින් අවලංගු වී තිබෙනවා.

දුම්රිය එන්ජින් රියදුරන් විසින් ආරම්භ කර තිබූ දුම්රිය වර්ජනය ඊයේ පස්වරුවේ අත්හිටවූවද, අද උදෑසන වන විට දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් පවතින බවත් එය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවත් එම දෙපාර්තමේන්තුව පැවසුවා.

WhatsApp Group

Skip to content