බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

මේ අතර දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයෙන් ගං වතුරෙන් විපතට පත් වූ ජනතාව ඉන් මුදවා ගැනීම සදහා අමතර යුද හමුදා භට පිරිස් යොදවා තිබෙනවා.

එම සහන සේවා කටයුතු තවදුරටත් පුළුල් කරමින් වැඩි භට පිරිස් ප්‍රමාණයක් යෙදවීමටයි යුද හමුදාපතිවරයා කටයුතු කර ඇත්තේ.

මේ වන විට දිස්ත්‍රික්ක 12 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 69 ක පුද්ගලයින් එක් ලක්ෂ 34,000 කට අධික ප්‍රමාණයක් ගංවතුර හේතුවෙන් පීඩාවට පත්ව තිබෙනවා.

එමෙන්ම පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ද වාර්තා වනවා.

මේ අතර පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කළු, කැළණි, ගිං සහ අත්තනගලු ඔයේ ස්ථාන 5 ක් ගංවතුර අවදානම් මට්ටමට ළඟා වී ඇති බවද සදහන්.

එමෙන්ම දිස්ත්‍රික්ක 6 ක් සදහා නායයාම් පිළිබදව පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content