දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය අද දිනත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර,නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකියි.

ඌව පලාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන සවල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විධ්යාක්ච අජිත් විජේමාන්න මහතා සඳහන් කලේ.

මේ අතර දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින අධික වැසි හේතුවෙන් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 කට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවීම තව දුරටත් දීර්ඝ කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද පස්වරුව තෙක් එම අනතුරු ඇඟවීමේ නිවේදන බලාත්මක බවයි.

WhatsApp Group

Skip to content