බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම දකුණු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද සදහන්.

මේ අතර මධ්‍යම – නැගෙනහිර බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික යාත්‍රාවලට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙනවා.

මධ්‍යම – නැගෙනහිර සහ උතුරු අන්දමන් මුහුද ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් ඇති වී තිබීම මීට හේතු වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම අඩු පීඩන කලාපය හෙට පීඩන අවපාතයක් දක්වාත් අනිද්දා සුළි කුණාටු තත්ත්වයක් දක්වාත් වර්ධනය වනු ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content