අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ විජයදාස රාජපක්ෂ එළැඹෙන ජනපතිවරණයට තරග කිරීම සඳහා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන්.

එම නිසා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතට පත් කරමින් මෙම අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

2396/27 දරණ අංකය යටතේයි මෙම ගැසට් නිවේදනය නිකුත්කර ඇත්තේ.

WhatsApp Group

Skip to content