‍ෙවව්නියාව ඊච්චන්කුලම් පොලිස් වසමේ තරණීකුලම් කූරිසුට්ටකුලම් වැවේ තිබී විකෘති වූ කාන්තා මළ සිරුරක් සොයාගත් බවට පොලීසිය පවසනවා.

අදාල කාන්තා මළසිරුර පිළිබඳ ප්‍රදේශවාසියෙකු දැක ඒ පිළිබඳව ඊච්චන්කුලම් පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව පොලීසිය විසින් අදාළ වැවට ගොස් මළසිරුර ගොඩට ගැනීමට කටයුතු කරන ලදී.

සොයාගත් කාන්තා මළසිරුර මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මළසිරුර සොයාගන්නා අවස්ථාවේදී එම කාන්තාවගේ අත් දෙක සහ එක් පාදයක් නොතිබූ බවටද අත් දෙක හා පාද යමෙක් විසින් කපා ඇතැයිද සැක පල කරන හෙයින් මෙය ඝාතනයක් විය හැකි බවටද පොලීසිය සැක පල කර සිටිනවා.

එමෙන්ම කාන්තාවගේ සිරුර ස්ථාන රැසකින් සතුන් විසින් කා දමා ඇති හෙයින් හඳුනාගැනීමටද අපහසු වන අතරම මෙම මළසිරුර දින කිහිපයක් තිස්සේ මෙලෙස ජලයේ තිබී ඇතැයිද පොලීසිය පවසනවා.

අදාල කාන්තා මළ සිරුර මේ වනවිට වව්නියාව රෝහල් මෘත ශරීරාගාරයට රැගෙන ඒමට කටයුතු යොදා ඇති අතර ඊච්චන්කුලම් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

WhatsApp Group

Skip to content