අත්හිටුවා තිබූ ඩෙංගු මර්ධන රාජකාරි යළි ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ සිය වෘත්තිය ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

මේ අතර දීමනා ඉහළ නංවා ගැනීම ඇතු`ඵ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සිය සංගමයේ සාමාජිකයින් මේ වන විට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් ශානක බෝපිටිය මහතා සදහන් කළා

WhatsApp Group

Skip to content