ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව සුදු සීනි, පරිප්පු සහ තිරිඟු පිටිවල මිල අඩුවී ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ.

රුපියල් 220 ක්ව පැවති සුදු සීනි කිලෝවක මිල රුපියල් 200ක් වන අතර, රුපියල් 340ට පැවති පරිප්පු කිලෝවක මිල මේ වනවිට සටහන් වන්නේ රුපියල් 310ක් ලෙසයි.

එමෙන් ම රුපියල් 230ක් ව පැවති ආනයනික තිරිඟු පිටි කිලෝවක මිල මේ වනවිට දැක්වෙන්නේ රුපියල් 210ක් ලෙසයි .

මේ අතර ආනයනික කිරිපිටි මිල අද සිට අඩු කෙරෙන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා .

ඒ අනුව අද සිට ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 200 කින් සහ ග්‍රෑම් 400ක මිල රුපියල් 80 කින් අඩුවනු ඇති.

කෙසේ වෙතත් අද හා හෙට නිවාඩු දිනවන බැවින් ලබන සඳුදා සිට නව මිල ගණන් යටතේ නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කරන බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පැවසුවේ.

WhatsApp Group

Skip to content