මේ වනවිට රෝගී ප්‍රතිකාර සේවා සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 140 කට වැඩි ප්‍රමාණයක තොග සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

බාහිර රෝගී අංශ මගින් ලබාදෙන ඖෂධ රැසක් මේ අතරට ඇතුළත් බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් සංජීව මහතා කියා සිටියේ .

ඒ අනුව, ඇස්ප්‍රීන්, ඉන්සියුලීන්, මෙට්ෆොමින් සහ මූලික වේදනා නාශක මෙන්ම කුඩා ළමුන්ට ලබාදෙන සිරප් වර්ග හිඟ වී ඇති බවද ඔහු සදහන් කළා .

මේ අතර, ඖෂධ නියාමන අධිකාරියේ කටයුතු නිසි ආකාරව සිදු නොවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා .

ඔහු මෙම අදහස් පල කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් .

එහිදී සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ ලියාපදිංචි නොකළ ඖෂධ යනු තත්වයෙන් බාල ඒවා නොවන බවයි .

https://www.vnews.lk/storage/2023/02/RAVI-KUMUDEESH-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content