අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇස්තමේන්තු මිල පරාසයන් නිකුත් කිරීම පිළිබද නිර්ණායක සංශෝධනයට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

ඒ හා සම්බන්ධ ආයතන ව්‍යුහය වෙනස් කිරීම පිළිබඳවද සාකච්ඡා ආරම්භ වී ඇති බවයි එම අධිකාරිය අවධාරණය කරන්නේ .

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් සතිපතා නිකුත් කරනු ලබනවා.

වෙළඳපොළේ සිදුවන උච්චාවචයනයන් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මෙහි අරමුණක් බවයි සඳහන් වන්නේ .

සාධාරණ මිල ගණන් යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාව අතට පත්කිරීම මෙහි තවත් අරමුණක් වනවා.

WhatsApp Group

Skip to content