ලංකා සතොස ආයතනය විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩුකර තිබෙනවා.

ඒ අනුව, කීරි සම්බා කිලෝවක් රුපියල් 12කින් ද සුදු සීනි කිලෝවක මිල රුපියල් 9කින් පහත දමා තිබෙනවා.

එමෙන්ම ආනයනික අර්තාපල් කිලෝවක මිල පහල දමා ඇත්තේ රුපියල් 45ක මුදලකින්.

මීට අමතරව, සුදු කව්පි කිලෝවක මිල රුපියල් 42කින්, ආනයනික ලොකු ළුෑණු, මුං ඇට, රතු කව්පි කිලෝවක මිල රුපියල් 30කින් අඩු කිරීමටයි එම ආයතනය කටයුතු කර ඇත්තේ.
මිට අමතරව , රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 10කින් පහල දැමීමට කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව වියළි මිරිස්, හාල් මැස්සන්, දේශීය සුදු කැකුළු සහල් සහ කඩල යන ද්‍රව්‍යවල ද මිල අඩුකරඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content