ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂවරයා ඇතුළු උසස් නිලධාරී සිව්දෙනා ලබන 29 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගත් මෙම පිරිස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂවරයා, සහකාර අධ්‍යක්ෂවරයා, සැපයුම් ගණකාධිකාරීවරයා සහ තොග පාලකවරයා මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.

මේ අතර ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි සිද්ධිය සම්බන්ධයෙන් මෙරට සමාගමේ හිමිකරු මේ වනවිටත් පසු වන්නේ, රක්ෂිත බන්ධනාගාරයේයි.

WhatsApp Group

Skip to content