නාගරික සංවර්ධන අධිකාරියේ අවසරය මත කොළඹ ඉදිකිරීම් අවසන් කර නොමැතිව අතහැර දමා ඇති ගොඩනැගිලි පවරා ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

පසුගිය දා පාර්ලිමේන්තුවේ පැවති අමාත්‍යාංශය උපදේශන කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.

වාණිජ වටිනාකමක් සහිත ගොඩනැගිලි පවා අතහැර දමා තිබීම විශාල පාඩුවක් බවද නාගරික සංවර්ධන අධිකාරිය පැවසුවා.

ඒ හේතුවෙන් අදාළ ගොඩනැගිලි සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙසද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content