පොලිස් අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට බියගම ප්‍රදේශයේදී පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙලෙස වෙඩි වැදුණු ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයන් පළා ගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ.

ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන් බියගම රණවිරු මාවත අසලදී ඉදිරියට පැමිණි ත්‍රිරෝද රථය නවතන ලෙස අණ කර තිබෙනවා.

එම අවස්ථාවේදී පොලිස් අණ නොතකා ත්‍රිරෝද රථය ඉදිරියට ධාවනය කර ඇති අතර, එම හේතුවෙන් පොලිසිය ත්‍රිරෝද රථයේ රෝදවලට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමටයි කටයුතු කර තිබුණේ.

එහිදී උණ්ඩ කිහිපයක් ත්‍රිරෝද රථයේ පිටුපසට වැදී ඇති අතර, ත්‍රිරෝද රථය බියගම පොලීසිය වෙත ගෙනවිත් තිබෙනවා.
පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට බියගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content