ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සදහා සැප්තැම්බර් මස 4 වන දා කැදවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ට ලබා දී ඇති ස්ථාන මාරුව බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මෙම පෙත්සම ගොනු කරනු ලැබුවා.

විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ වෙනත් නඩු විභාගයක් අද දින පැවැත්වීමට නියමිත වීම හේතුවෙන් අදාළ පෙත්සම සලකා බැලීම කල්තබන බවයි.

WhatsApp Group

Skip to content