අගෝස්තු මාසය මුල සිට ජලබිල්පත් ඉහළ දමන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.

එහි සාමාන්‍යාධිකාරි වසන්තා ඉලංගසිංහ මහත්මිය පැවසුවේ එම යෝජනාව කැබිනට් අනුමැතිය සඳහා යොමු කර ඇති බවයි.

ඊට කැබිනට් අනුමැතිය හිමිවුවහොත් අගෝස්තු මස මුල සිට ජලබිල්පත් වැඩිවන බවද ඇය සඳහන් කළා.

කෙසේ වෙතත් ජල බිල්පත් ඉහළ නැංවීමේ ප්‍රතිශතය පිළිබදව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සඳහන්.

WhatsApp Group

Skip to content