චීනයේ සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එරට කෘෂිකර්ම පර්යේෂණ සඳහා ප්‍රසිද්ධ ඩාලි සිටි ගුෂෙන්ග් ගම්මානයේ පිහිටි විද්‍යා හා තාක්ෂණ මණ්ඩපය නිරීක්ෂණයට එක්ව තිබෙනවා.

එහිදි දෙමුහුන් සහල් වර්ග නිපදවන මෙම ආයතනය නිපද වූ සාමාන්‍ය වී අස්වැන්න මෙන් හතර ගුණයක අස්වැන්නක් ලබා ඇති නවතම වී ප්‍රභේදය අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු ව ඇති බව සඳහන්.

එමෙන්ම මෙම නව වී ප්‍රභේදය වියළි කලාපවලද ඉතා හොඳින් වගා කළ හැකි බැවින් නියමු ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකාව තුළ වගා කිරීම සඳහා සොයාබැලීමට කණ්ඩායමක් එවන ලෙස එහිදී අග්‍රාමාත්‍යවරයා අදාල බලධාරීන්ට ආරාධනා කර තිබෙනවා.

WhatsApp Group

Skip to content