වනජීවී නිලධාරීන් විසින් ප්‍රතිකාර කිරීම අරඹා ඇති රෝගී වී සිටින අග්බෝ ඇතාට සෙත් පතා සෙත් පිරිත් සජ්ඣායනයක්  පැවැත් වුණා.

අග්බෝ ඇතා රැඳී සිටින රක්ෂිතය වෙත වැඩම කරවූ ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් සහ ඓතිහාසික උපුල් වෙහෙර රජමහා විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ධාගම ධම්මාලංකාර හිමියන් විසින් මෙම පිරිත් සජ්ඣායනය සිදු කරනු ලැබුවා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පුජ්‍ය වනවාසී රාහුල හිමියන් සඳහන් කලේ ජාතික සම්පත් ආරක්ෂා කරගත නොහැකි නම් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

https://www.vnews.lk/storage/2023/08/WANAWASI-RAHULA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content