පක්ෂයෙන් බාහිර අපේක්ෂකයෙකුට ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන්නේ නම් ගොඩනගන ආණ්ඩුවේ අගමැති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබිය යුතු බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සදහන් කලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් අතර ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් .

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් රැස්වී ඉදිරි දේශපාලන තත්ත්වය සහ ජනාධිපතිවරණයට පවතින සූදානම පිළිබඳ සාකච්ඡා කර තිබුණා

එම රැස්වීමට පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් එක්ව සිටියා.

WhatsApp Group

Skip to content