ලෙබනනයට එරෙහිව අඛණ්ඩව සටන් කරන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තම හමුදාවට දැනුම් දී තිබෙනවා.
ඇමරිකාව, බි්‍රතාන්‍යය හා අනෙකුත් මිත්‍ර රටවල් විසින් ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සටන්කාමීන් අතර දින 21ක සටන් විරාමයක් ඉල්ලා සිටියා.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊට ප්‍රතිචාර දක්වමින් මෙම දැනුම්දීම සිදු කර ඇති බව වාර්තා වනවා.
මීට පෙර ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ දකුණු ලෙබනනයේ හා බෙකා ප්‍රදේශයේ හිස්බුල්ලා ඉලක්ක 75කට එක් රැයක් තුළ පහර දුන් බවයි.

පසුගිය සඳුදා සිට එම ප්‍රහාර වලින් 550 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.
පසුගිය වසරේ ඔක්තෝබර් 8 වැනිදා සිට ඊශ්‍රායලය හා හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් පවතිනවා.

WhatsApp Group

Skip to content