දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, ඌව , උතුරු මැද සහ වයඹ පළාත් වල ඇතැම් ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සදහන්.

එමෙන්ම මහනුවර , නුවරඑළිය , මන්නාරම , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල ද තැනින් තැන වැසිවාර කිහිපයක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඇතැම් ප්‍රදේශව මිලිමීටර 50ට වැඩි තද වැසි අපේක්ෂා කරනු ඇති.

ගිගුරැම් සහිත වැසි ඇතිවන විට තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරැ වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

WhatsApp Group

Skip to content