අක්ෂි ශල්‍යකර්මයකදී කාන්තාවක් මියයාම පිළිබඳ වැඩිදුර විමර්ශනය සඳහා කමිටුවක් පත්කර ඇතැයි ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ඒ.ආර්.එම්.තවුෆික් මහතා පවසනවා .

ඔහු පැවසුවේ, විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විතව එම කමිටුව පත් කළ බවයි.

ජාතික අක්ෂි රෝහලේ අක්ෂි ශල්‍යකර්මයකදී එලෙස මියගොස් ඇත්තේ, කොස්ගොඩ, බොරලුකැටිය පදිංචි 34 හැවිරිදි දෙදරු මවක් .

කෙසේ වෙතත් අක්ෂි කාච බද්ධ කිරීමේ ශල්‍යකර්ම අඛණ්ඩව ක්‍රියාත්මක බව ද ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ඒ.ආර්.එම්.තවුෆික් මහතා ප්‍රකාශ කලා .

https://www.vnews.lk/storage/2023/07/THAWUFIK-EDIT-.mp3?_=1

මේ අතර ගැටළු සහගත නිර්වින්දන එන්නත් කාණ්ඩය භාවිතයෙන් තවකාලිකව ඉවත් කල බව සවුක්ය සේවා අධ්යක ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසනවා .

මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා .

https://www.vnews.lk/storage/2023/07/ASELA-GUNAWARDHANA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content