පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කර තිබු ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීමට දින නියම වී තිබෙනවා.

සරත් ෆොන්සේකා මහතාව සමගි ජන බලවේගයෙන් ඉවත් කිරීම සහ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබු අතර එම වාරණ නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගය අභියාචණාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ගොණුකර තිබුණා.

ඒ අනුව අදාළ ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලු අභියාචණාධිකරණය එම පෙත්සම ලබන 21 වනදා සලකා බැලීමට දින නියම කර තිබෙනවා.

WhatsApp Group

Skip to content