ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් අනතුර පිළිබඳව සොයා බැලීමට මේජර් ජෙනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් 7 දෙනෙකුගෙන් යුත් විමර්ශන මණ්ඩලයක් පත් කර ඇති බව යුද හමුදාව පවසනවා .

21 වැනිදා සිදු වූ මෙම අනතුරෙන් හත්දෙනෙකුට දිවි අහිමි වුණා.

ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ අවසන් කටයුතු මෙම තරගාවලිය සංවිධාන කළ ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමය සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුග්‍රහය යටතේ සිදු කිරීමට නියමිත බවයි යුද හමුදාව සඳහන් කළේ.

මෙම අනතුරින් තුවාල ලැබූ 21 දෙනෙකු දියතලාව සහ බදුල්ල රෝහල් වෙත ඇතුළත් කෙරුණු අතර ඉන් තිදෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.

සෙසු 18 දෙනාගෙන් 11 දෙනෙකු දියතලාව මූලික රෝහලේත් 07 දෙනෙකු බදුල්ල රෝහලේත් ප්‍රතිකාර ලබන අතර බදුල්ල රෝහලේ සිටින දෙදෙනෙකු ප්‍රතිකාර ලබන්නේ එහි දැඩි සත්කාර ඒකකයේ බව සදහන්.

තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසීම සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා දියතලාව රෝහල වෙත ඊයේ පෙරවරුවේ පැමිණියා.

WhatsApp Group

Skip to content