දියතලාවේ පසුගියදා ෆොක්ස්හිල් මෝටර් රථ අනතුරෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි තරුණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 16ක් වන දියතලාව ගල්ලේදණ්ඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක බවයි පොලීසිය සඳහන් කළේ.
බදුල්ල මහා රෝහලේ වාට්ටු අංක 25 හි ප්‍රථිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රි 8.30ට පමණ මෙම තරුණිය ජීවිතක්ෂයට පත්වූ බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Group

Skip to content