ෆෙස්බුක් ආධාර කණ්ඩායම් ලෙස පෙනී සිටිමින් පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත සොරකම් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුගල මහතා සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවයි.

ෆෙස්බුක් ආධාර කණ්ඩායම් ලෙස පෙනී සිටිමින් වට්ස්ඇප් සහ එස්.එම්.එස් පණිවිඩ යොමුකරමින් මෙම ජාවාරම සිදුකරන බව චාරුක දමුණුගල මහතා සඳහන් කලා.

WhatsApp Group

Skip to content