2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතා දිනා ගත් ආර්ජන්ටිනා කණ්ඩායම කටාර් දේශයේ සිට යළි සිය රට බලා අද පැමිණියා.

ඒ අනුව ලෝක ශූරයින් පිළිගැනීමට දහස් සංඛ්‍යාත වු එරට වැසියන් ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවර සිට මග බලා සිටින්නේ මෙලෙසින්.

ඒ අතරවාරයේදී පාපන්දු ලෝක ශූරයින් වෙනුවෙන් හෙට ජාතික නිවාඩු දිනයෙක් ලෙස ප්‍රකාශයට පත් කරන්නටත් එරට රජය විසින් තීරණය කර තිබෙනවා.

මේ අතර ලෝක අනුශූරයින් වු ප්‍රංශ කණ්ඩායමත් යළි සිය රටට පැමිණියා.

එහිදි ඔවුන්ට හිමිවුණේ උණුසුම් පිළිගැනීමක්.

WhatsApp Group

Skip to content