ෆින්ලන්තයේ වැන්ටා නුවර ප්‍රාථමික පාසලක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් 12 හැවිරිදි සිසුන් තිදෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඊයේ පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු ද එම පාසලේහිම 12 හැවිරිදි සිසුවකු බව වාර්තා වේ.

වියටෝලා පාසල නමැති මෙම පාසලෙහි සිසුන් 800ක් ඉගෙනුම ලබන අතර තුවාල ලැබූ සිසුන් තිදෙනා රෝහල්ගත තිබෙනවා.

කෙසේවෙතත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ද වාර්තා වනවා.

 

WhatsApp Group

Skip to content