ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරොම් ප්‍රනාන්දු නොහොත් ‘ෆාස්ටර් ජෙරොම්’ යන දේවගැතිවරයා උසාවි නියෝගයක් අනුව රජයේ රස පරීක්ෂකවරයා හමුවේ ඊයේ (27) පෙනී සිට තිබේ.

ඒ දේවගැතිවරයාට හඬ සාම්පල ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා පෙරේදා (26) කළ නියෝගයකට අනුවයි.

ඊයේ පෙරවරු 10ට පමණ එහි පැමිණි දේවගැතිවරයා මිනිත්තු 45ක් පමණ රැඳී සිට ඉන් පිටව ගොස් ඇත.

‘ෆාස්ටර් ජෙරොම්’ යන දේවගැතිවරයා ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරමින් අන්‍යාගමිකයන් අතර ඇති සංහිඳියාව බිඳහෙළන ආකාරයේ දේශන පැවැත්වූ බවට චෝදනා ලබා තිබුණා.

WhatsApp Group

Skip to content