කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

චෝදනා එල්ල වූ විශේෂඥ වෛද්‍යවරියකගේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කළ ඉල්ලීම් ඉටු කරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලිඛිතව ලබා දුන් පොරොන්දුව මත වර්ජනය අත්හිටවූ බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content