රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසනවා.

වෛද්‍යවරුන් සමග සිදු කරනු ලැබූ සාකච්ඡාවකින් පසුව මෙහි කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බවයි ඔහු පැවසුවේ.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශය තුළ අද පෙරවරු 8 සිට හෙට පෙරවරු 8 දක්වා වර්ජනයක් ක්‍රියාත්මක බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කර තිබුණා.

එහි මාධ්‍ය ප්‍රකාශයක චමිල් විජේසිංහ මහතා සදහන් කළේ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකගේ අත්තනෝමතික ක්‍රියාමාර්ගයට එරෙහිව මෙම වර්ජනය ආරම්භ කිරීමට කටයුතු කළ බවයි.

https://www.vnews.lk/storage/2023/07/CHAMIL-WIJESINGHA-EDIT-.mp3?_=1

කෙසේ වෙතත් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවසුවේ අදාළ විශේෂඥ වෛද්‍යවරිය පත් කර ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් බවයි.

ඒ හේතුවෙන් තමන්ට ඇය ඉවත් කිරීමට බලයක් නොමැති බවට වෛද්‍ය ජී. විජේසූරිය මහතා ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content