ළමා නිවාසයක සිටි දැරියන් තුන්දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

යාපනය , කෝපායි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ළමා නිවාසයක සිටි දැරියන් තුන්දෙනෙකුයි මෙලෙස අතුරැදන්ව ඇත්තේ.

අතුරුදන්ව ඇති දැරියන් වයස අවුරැදු 14 , 15 සහ 16 යන වයස්වල පසුවන බවයි පොලිසිය සඳහන් කළේ.

මුලතිව් හා උරුම්බිරායි ප්‍රදේශවල සිට අදාළ දැරියන් මෙම ළමා නිවාසයට පැමිණ ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් කේපායි පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content