හෝමාගම, කටුවාන කර්මාන්තපුරයේ ගින්නෙන් විනාශ වූ ගබඩාවේ යළි දුමාරයක් ඇති වී තිබෙනවා .

අදාළ ගබඩාවේ ගින්නක් ඇති වුණේ, පසුගිය වසරේ අගෝස්තු මස 17 වැනිදා යි.

එය, ක්ලෝරීන් කැට ඇතුළු රසායනික ද්‍රව්‍ය තැන්පත් කර තිබූ ගබඩාවක් බවටයි වාර්තා වන්නේ.

ඊයේ රාත්‍රියේ සිට ඉන් යළි දුමාරයක් නිකුත් වන බවට ලැබුණු තොරතුරකට අනුව ගිනි නිවීම් සේවා නිලධාරීන් එම ස්ථානයට කැඳවා තිබෙනවා .

පොලීසිය සඳහන් කළේ මේ වනවිට අදාළ ස්ථානය පරික්ෂාවට ලක් කෙරෙන බවයි.

දුමාරය ඇති වීමට හේතුව රසායනික ද්‍රව්‍ය කාන්දුවක් විය හැකි බවට සැක පළ කර තිබෙනවා .

WhatsApp Group

Skip to content