නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර, තීරු බදු නොගෙවා ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි නවීන ජංගම දුරකථන තොගයක් සහ පෙන් ඩ්‍රයිව් තොගයක් සමග ඒවා ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අදාළ සැකකරුවන් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අද අලුයම අත් අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.
මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු කොළඹ – 12 ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර අනෙක් ව්‍යාපාරිකයා කොළඹ – 14 පදිංචි අයෙකු බව සඳහන්.

මෙම ජංගම දුරකථන සහ පෙන් ඩ්‍රයිව් තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇති අතර ඒවායෙහි වටිනාකම රුපියල් කොටි 5ක් පමණ වන බවටයි ගණන් බලා ඇත්තේ.
වාර්තාකරු – කපිල කටුනායක
………..

WhatsApp Group

Skip to content