යුක්රේනයේ හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට පත්වීමෙන් එම යානා තුළ සිටි සෙබළුන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරට හේතුව අනාවරණය වී නොමැති අතර, හෙලිකොප්ටර් යානා දෙක සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් කර ඇත්තේ.

හෙලිකොප්ටර් යානා දෙක අනතුරට පත් වූ ස්ථානයේ තිබී ජීවිතක්ෂයට පත්වූ සෙබළුන්ගේ මළ සිරුරුද සොයාගෙන තිබෙනවා.

මෙම සෙබළුන් රැගත් හෙලිකොප්ටර් යානා දෙක දූත මෙහෙවරක් සිදු කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දුන් බවට යුක්රේන බලධාරීන් සදහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content