ජාඇල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ දී හෙල්මට් නොමැතිව යතුරුපැදියක ගිය තරුණියක් නවත්වා පරීක්ෂා කළ පොලිස් නිලධාරියෙකුට පහර දී තිබෙනවා.

ඇය යතුරුපැදිය ද එම ස්ථානයේ දමා පළා ගිය බවයි වාර්තා වන්නේ.

යතුරුපැදියේ අංකය පරීක්ෂා කිරීමේ දී ඇයගේ පදිංචිය කඳාන ප්‍රදේශය බවට හඳුනාගෙන තිබෙනවා,

ඒ අනුව නිවසට ගිය අවස්ථාවේ නිවැසියන් පොලිසියට පවසා ඇත්තේ යම් මානසික ගැටලුවක් නිසා ඇය මෙලෙස කටයුතු කර ඇති බවයි.

කෙසේ වෙතත්, තරුණිය පොලිසියට කැඳවා ඇති අතර, කරුණු විමසීමෙන් පසු ඉදිරි පරීක්ෂණ සිදු කරන බව යි ජාඇල පොලිසිය කියා සිටියේ.

WhatsApp Group

Skip to content