හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 135ක් ප්‍රවාහනය කිරීමේ චෝදනාවකට වරදකරු වු පුද්ගලයෙකුට වව්නියාව මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.

වව්නියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චෙලිවන් මහතා විසිනුයි මෙම නියෝගය ලබා දුන්නේ.

2017 වසරේ වව්නියා පොලිසියට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

අදාළ සිද්ධියට ඔහුට වසරකට පමණ පසු ඇප නියම කර තිබුණු අතර දීර්ඝව පැවති නඩු විභාගයේ දී රජයේ රස පරීක්ෂකවරයා නිර්දේශ කර තිබුණේ සැකකරු ප්‍රවාහණය කර ඇත්තේ ශූද්ධ හෙරොයින් බවයි.

එහි වෙනත් කිසිදු ද්‍රව්‍යක් අඩංගු වී නොමැති බව ද ඔහු අධිකරණයට දැනුම් දී තිබුණා.

ඒ අනුව කරුණු විමසා බැලු මහාධිකරණය විනිසුරුවරයා නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඔහුට මරණීය දණ්ඩනය නියම කර තිබුණා.

අදාළ නඩුවේ නීතිඥයින් පෙන්වා දුන්නේ මෙය ඉතිහාසයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වු පුද්ගලයෙකුට වව්නියාව මහාධිකරණය ලබා දුන් ඓතිහාසික තීන්දුවක් බවයි.

WhatsApp Group

Skip to content