කොළඹ ඉසිපතන විද්‍යාලයීය ක්‍රීඩා කටයුතු සඳහා හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනය පවරා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
කොළඹ මහ නගර සභාව සතු හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනය ඉසිපතන විද්‍යාලයීය ක්‍රීඩා කටයුතු සඳහා යොදා ගැනීමට 2016 වර්ෂයේදී දෙපාර්ශ්වය අතර ගිවිසුමකට එළඹ තිබුනා.
අදාළ ගිවිසුමේ කාලසීමාව 2017 වර්ෂයේදී අවසන් වී තිබෙනවා.
ඒ අනුව හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනයේ නාමය එලෙසම පවත්වාගෙන් යමින් එකී ක්‍රීඩාංගනය ඉසිපතන විද්‍යාලය වෙත පවරා දීම පිණිස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

 

WhatsApp Group

Skip to content