හෙට දිනයේදී භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
විශේෂ දැනුම්දීමක් සිදුකරමින් මහා බැංකුව සඳහන් කලේ එහිදී රුපියල් මිලියන 170,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට කටයුතු කරන බවයි.

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.

WhatsApp Group

Skip to content