ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් පැවැත්වෙන මැයි 01 දින පෙළපාලි සහ මැයි දින රැළි වෙනුවෙන් දිවයින පුරා පොලිස් නිලධාරීන් 9,000 කට වැඩි සංඛ්‍යාවක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පවසනවා.
එමෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 350 ක් යොදවන අතර අවශ්‍ය වුවහොත් යුද හමුදාව ද කැදවන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
දිවයින පුරා මැයි රැළි 40 ක් පැවැත්වෙන අතර කොළඹ ප්‍රදේශයේ මැයි රැළි 14 ක් පැවැත්වෙන බවත් ඒ සදහා බස් රථ 6,800 ක් පමණ කොළඹට පැමිණීමට නියමිත බව කොළඹ රථවාහන කොට්ඨාස අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර මහතා සඳහන් කළා.
ඒ අනුව කොළඹට පැමිණෙන රථවාහන හැසිරවීමට රථවාහන නිලධාරීන් 1200 ක් පමණ යෙදවීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.

WhatsApp Group

Skip to content