කුලියාපිටිය හෙට්ටිපොල මාර්ගයේ කුරුඳුකුඹුර හන්දිය ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා තිබෙනවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කුලියාපිටිය රෝහලට ඇතුලත් කර මේ වන විට ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස තුවාල ලැබූ පුද්ගලයා 49 හැවිරිදි මූණමල්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර වෙඩි තැබීමට කටයුතු කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා හෙට්ටිපොල පොලිසිය වැඩිදුරට විමර්ශන සිදු කරනු ලබනවා.

මේ අතර බත්තරමුල්ල අකුරේගොඩ යුද හමුදා කඳවුර පිටුපස රොබට් ගුණවර්ධන මාවතේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එහිදි තුවාල ලැබූ පුද්ගලයෙකු ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇති අතර තලංගම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර මට්ටක්කුලිය ජෝර්ජ් පීරිස් මාවතේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර තිබෙනවා. අදාල ස්ථානයේ ගැටුමක් හටගෙන ඇති බවට පොලිසියට ලැබී තිබූ තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේදී පොලිසිය එම ස්ථානයට ගොස් ඇති අතර එහිදි තුවාල සහිතව වැටී සිටි පුද්ගලයෙකු කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී අදාළ පුද්ගලයා මියගොස් ඇති අතර එලෙස මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

WhatsApp Group

Skip to content