හීලෑ අලි අතුන් රැක බලා ගැනීමේ කිසිදු ගැටළුවක් නොමැති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා.

මහනුවර, සුදුහුම්පොළ රජමහා විහාරස්ථානේදී මාධ්‍යට අදහස් දක්වමින් දියවඩන නිලමේවරයා මේ බව ප්‍රකාශ කළා.

හීලෑ අලි ඇතුන් රැක බලා ගැනීමේදී සුළු අඩුපාඩු සිදුවුවද සමස්ථයක් ලෙස අලි ඇතුන් සුරක්ෂිත බවයි ප්‍රදිප් නිලංග මහතා සදහන් කළේ.

සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන සහ නියෝජිතයින් හීලෑ අලි ඇතුන් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සමාජගත කරමින් සිටින බවයි දියවඩන නිලමේවරයා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/07/PRADEEP-NILANGA-EDIT-1.mp3?_=1

 

WhatsApp Group

Skip to content